ලක්ෂපාන තේ ෆැක්ටරිය හදිසි ගින්නකින්  සම්පූර්ණයෙන්ම විනාශයි!

ලක්ෂපාන තේ ෆැක්ටරිය හදිසි ගින්නකින්  සම්පූර්ණයෙන්ම විනාශයි!

නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

අද (08) දින අලුයම 1.30 ට පමණ හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඇත. 


කර්මාන්ත ශාලාවේ තිබූ සියලුම භාණ්ඩ පිළිස්සී ඇති අතර එහි ගබඩා කර තිබූ හරිත තේ කොළ සහ තේ කුඩු ද විශාල ප්‍රමාණයක් පිළිස්සී ඇති බව වාර්තා වේ.

මෙම ගිනි ගැනීමේ තත්ත්වය හේතුවෙන් මුළු ලක්ෂපාන ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී ඇත,

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න