මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය.
"අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තකයන්ගේ අයිතීන් රැක දෙන අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමට අප වැඩ කටයුතු අරඹා තිබෙනවා.අධ්‍යාපනයේ අසමානතා අඩු කිරීමට අප විශාල වශයෙන් මැදිහත් වී තියෙනවා. උසස් අධ්‍යාපනයේ හිරවී තිබූ ව්‍යාපෘති විසි හයක් අවසන් කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙනවා.
වසර පහකින් පමණ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවා තිබුණේ නැහැ. අප රට භාරගත්ත තැන සහ අද තිබෙන තැන ගැන විපක්ෂයේ උදවිය කියන කතා වලට වඩා ජනතාව කියන කතා ගැන ඇහුම්කන් දිය යුතුයි" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.