ඇමති වසන්තට 'අපහාස කළ' ෆේස්බුක් ගිණුම් 10ක් CIDයට

ඇමති වසන්තට 'අපහාස කළ' ෆේස්බුක් ගිණුම් 10ක් CIDයට

අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත.



නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි කරන ගොතන ලද කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.



අංක 20039516 යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලෙන්, අදාළ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස CIDයෙන් ඉල්ලා තිබේ.

පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ ඩබ්ලිව් පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ “ගම්පහ පොදු ජන හඬ” ෆේස්බුක් පිටුවද ඇත.



වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මතු පළවේ.



WhatsApp Image 2025 10 10 at 07.53.45 f664b4ca

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න