මවක පිළිබඳ දියණියකගේ සංවේදී සටහනක්

මවක පිළිබඳ දියණියකගේ සංවේදී සටහනක්

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තෙ බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වී අදට විසි පස් වසරකි. එය සිහිපත් කරමින් ඇගේ දියනිය සහ මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය Face book ගිණුමෙහි සංවේදී සටහනක් තබා තිබුණා ය.

මතු පළ වන්නේ එම සටහන යි.

අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.

පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.
එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයක දී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි.

මේ වනාහි වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තිය යි.

ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.

එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.

ඔබට නිවන් සුව අම්මේ!


chandrika

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න