Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සමරිසි ප්‍රවර්ධනයට එරෙහිව මහරගම විපක්ෂය පාරට බහී!

රජය ගෙන ඒමට නියමිත සමලිංගික නීතියට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මහරගම නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් නගර සභාව ඉදිරිපිට ඊයේ (09) විරෝධතාවක නිරත වූහ.

සටන් පාඨ කියමින් හා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු සිය විරෝධය පළ කළහ.

‘සමරිසි නීතිය අපිට එපා, ගුරුවරයා දංගෙට ගෝලයා අපායට සහ රට දිනවන එන්.පී.පී. වැඩපිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද?’ වැනි සටහන් එම පුවරුවල අන්තර්ගත විය.

ඉන් අනතුරුව එම මන්ත්‍රිවරු විරෝධතා පුවරු අතැතිවම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම සඳහා සහභාගී වූහ.

සර්ව ජන බලය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු මෙම විරෝධතාවයට සහාය දැක්වූහ.