Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

‘පුවක්දණ්ඩා සනා’ චෝදනා එලෙසමයි.. පොලිසිය පැලවත්තේ වැඩේ කරන්න අරන්..- විමල් කියයි

තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පුවක් දණ්ඩාවේ සඳහා නැමැති පුද්ගලයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු දක්වමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වගකීම තමන් තවදුරටත් දරන බවයි.

පොලිසිය විසින් දේශපාලන උවමනාවන් මත කරුණු විකෘති කරමින් සිටින බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් සේ කටයුතු කරමින් සිටින බවත් ඔහු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කර ඇත.