Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ශ්‍රී ලංකා පොලීසිය ‘‘ජේ.වී.පී. පොලීසිය’’ බවට පත්වෙලා - විමල්ගෙන් පොලිස්පතිට චෝදනා

වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා යටතේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 'ජනතා විමුක්ති පෙරමුණේ (ජේ.වී.පී.) පොලිස් දෙපාර්තමේන්තුව' බවට පරිවර්තනය වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (11) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

මත්ද්‍රව්‍ය අපරාධයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරමින් සිටි පරීක්ෂණයකට අදාළව තමන්ගෙන් ලබාගත් ප්‍රකාශයක්, ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කර "ප්‍රසිද්ධ කර ඇතැයි" වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

"පුවක්දණ්ඩාවේ සනා" නැමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් මීට පෙර තමන් පළකළ තොරතුරු කීපයක් ගැන පසුගිය 9 වැනිදා තංගල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය වෙත ගොස් ලබා දුන් කට උත්තරය විකෘති කර වෙනස් කර මාධ්‍යවලට ලබා දී ඇතැයිද ඔහු චෝදනා කළේය.




"යම්කිසි පරීක්ෂණයක් අවසන් වන තුරා, පුද්ගලයෙකුගෙන් ගනු ලබන ප්‍රකාශයක් රහස්‍යභාවයකින් යුතුව තබා ගත යුතුයි. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 110/3 වගන්තියෙන් මෙය මනාව තහවුරු වෙනවා. එසේ තිබියදී, පොලිසිය විසින්ම ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙයයි" යැයි ඔහු අවධාරණය කළේය.




පොලිස් මාධ්‍ය ඒකකයේ මෙම ක්‍රියාව පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සිදුවූවක් බවට විමල් වීරවංශ මහතා සැක පහළ කළේය.

තංගල්ල පොලීසියට ලබා දුන් ප්‍රකාශයක් විකෘති කර මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකයට චෝදනා කළ වීරවංශ මහතා, පඹයකුට අන්දන්න බැරිනම් ඔය නිල ඇඳුම පොලිස්පතිවරයා කොස්තාපල්වරයෙකුට අන්දවා රාජකාරිය ඉටුකරන ලෙසටද අභියෝග කළේය.", ඔබට වඩා සුදුසු කොස්තාපල් කෙනෙකුට ඔය නිල ඇඳුම දෙන්න. ඔහු ඔබට වඩා හොඳින් පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රකීවි" යැයි පැවසීය.


 

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, පොලිස් දෙපාර්තමේන්තුව දැන් "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව" නොවී "'අපහාස පරීක්ෂණ' දෙපාර්තමේන්තුව" බවට පත්ව ඇතැයිද කීවේය.




මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත්, හෙට (12) දින නීති උපදෙස් ලබාගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

WhatsApp Image 2025 10 12 at 8.28.19 AM

"මගේ ප්‍රකාශයෙන් අවමානයක්, අපහාසයක් හෝ කීර්ති නාමයට හානියක් වූයේ යැයි කියන කෙනෙක් අධිකරණයේ පිහිට පතන්න. පොලිස් දෙපාර්තමේන්තුවට මාව උසාවි ගෙනියන්න බෑ" යැයිද ඔහු අභියෝග කළේය.

රෝහල්වල බෙහෙත් නොමැතිකම වැනි රටේ දැවෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුවත්, පොලීසියත් මේවාට උත්තර නොදී "නිල් පාට බස් එකෙන් ගොඩයන්නට" සිතා සිටින බවට විමල් වීරවංශ මහතා චෝදනා කළේය.




"නිල් පාට බස් එකෙන් ඕනවට වඩා ගොඩ යන්න කල්පනා කරන හැමෝටම වෙලා තියෙන්නේ, ඕගොල්ලන්ගේ රතු පාට බස් එක මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි" යැයි පවසමින් වත්මන් ආණ්ඩුවට සහ ජනතා විමුක්ති පෙරමුණටද ඔහු අනතුරු ඇඟවීය.