සිංගල් සුපර් පොස්පේට් (SSP) නිෂ්පාදනය සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවයි

සිංගල් සුපර් පොස්පේට් (SSP) නිෂ්පාදනය සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවයි

සිංගල් සුපර් පොස්පේට් (SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර අභිලාෂ කැඳවීම මෙම මස 16 (හෙට) දින පස්වරු දෙකෙන් අවසන් වේ.

කර්මාන්තශාලාව ඉදිකිරීමේ අරමුණ

දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී ඇත.

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය නිරීක්ෂණයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  අද(15) දින එක් වූ අතර එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකට ද අමාත්‍යවරයා සහභාගි විය.

මෙම කර්මාන්ත ශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිත බවත්, දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන් ම සිංගල් සුපර් පොස්පේට්වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේය.

මෙහි දෙවන අදියරයේ දී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද ඉදිකිරීමට යෝජිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ ඇතුළු රාජ්‍ය නිළධාරීහු ද එක්ව සිටියහ.

(සටහන | කසුන් ගමගේ)

 ssp 1000px set

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න