හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා

හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා

මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන (ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ) පොහොට්ටුව උදාර මධුශංඛ පෙරේරා නැමති අයකු බව කියයි.

හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහි දි මෝටර් රථය අධික ශබ්දයෙන් පන ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව කියයි.

එහිදි අදාල තැනැත්තාගේ ක්‍රියා කලාපයත් අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව අත්අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව කියයි.

අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස   ක්‍රියාකාරි දේශපාලන චරිතයකි.

 


( හිරාන් ප්‍රියංකර ජයසිංහ - lankadeepa)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න