සාධාරණ හා සහන මිලට භාණ්ඩ ලබාදීමට 'කසාගල' එයි 

සාධාරණ හා සහන මිලට භාණ්ඩ ලබාදීමට 'කසාගල' එයි 

ගොවි ජනතාවට සාධාරණ මිලටත්, පාරිභෝගික ජනතාවට සහන මිලටත්, භාණ්ඩ ලබාදීමට කසාගල සමූහ ව්‍යාපාරය සුපිරි වෙළෙඳ සැල් ජාලයක් ආරම්භ කර ඇති අතර එහි මූලස්ථානය බත්තරමුල්ල කොස්වත්තේ දී පසුගියදා විවෘත විය. 

ගොවි ජනතාවගේ නිෂ්පාදන සාධාරණ මිලට ලබාගෙන, පාරිභෝගික ජනතාවට සහන මිලට ලබාදීමේ අරමුණ පෙරදැරිව කසාගල සමූහ ව්‍යාපාරය වැඩි පහසුකම් සහිත සුපිරි වෙළෙඳ සැල් ජාලයක් රට පුරා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙල රට පුරා ව්‍යාප්ත කිරීම පහසුවීම උදෙසා කසාගල සමූහ ව්‍යාපාරයේ මූලස්ථානය කොළඹ බත්තරමුල්ල කොස්වත්තහි පසුගියදා විවෘත කළේය.


එම අවස්ථාවට කසාගල සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ උනෝවිට පියරතන නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස්, සාමාන්‍යාධිකාරී උපසේන හේරත් යන සම්භාවනීය පිරිස ඇතුලු විශාල ප්‍රභූ පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ කසාගල සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ උනෝවිට පියරතන නාහිමියෝ..

ඉතා කුඩාවට මිරිස්වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාර මේ වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අතු ඉති දළුලා වැඩුණු මහා රුක්ෂයක් බවට පත්වී තිබෙනවා. මෙහි සේවා මගින් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා ලැබී තිබෙනවා. 

මේ වන විට ආනයන අපනයන වෙළෙඳ පොළ දක්වා ව්‍යාපාරය දියුණු වී තිබෙනවා. නව මූලස්ථානය කොස්වත්තේ විවෘත කිරීමත් සමග එම කටයුතු තවත් පහසු වෙනවා.


එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ..

අභියෝග භාරගෙන අලුත් යමක් පටන් ගැනීමට යම් අයෙකු උත්සහ කරනවානම් කිසිදු භේදයකින් තොරව ඊට අප උදව් කළ යුතුයි. කසාගල සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරයා අපේ හාමුදුරුවෝයි. සභාපතිවරයා ආචාර්ය රංජිත් නන්දන පීරිස්. දෙදෙනාම ඕනෑම අභියෝගයක් භාරගෙන නව ව්‍යවසායකත්වයක් ගොඩ නැගීමට මූල්වූ අයයි. අපේ රටේ ව්‍යවසායකත්වය ජනගහණයෙන් 3%යි. එය 10%දක්වා වැඩි කළ යුතුයි. ඒ සඳහා හොඳ ආදර්ශයක් ලෙස මේ ව්‍යාපාරය හැඳින්විය හැකියි. 


පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක..

රජය ඉන්දියානු රජය සමග අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට තවමත් සූදානම් නැහැ. අප යෝජනා කරන්නේ සප්තා ගිවිසුම හරහා අපේ රටට ලැබෙන වාසි උපරිමයෙන් ලබා  ගන්නා ලෙසයි. මේ ව්‍යාපාරය පාරිභෝගිකයින්ට අඩු මිලට භාණ්ඩ සැපයීමට ඉලක්ක කොට තිබෙනවා. එසේනම් ඔවුන්ට අඩු මිලට භාණ්ඩ මිලදි ගත යුතුයි. අඩු ලාභ තීරයක් තබාගෙන පාරිභෝගිකයාට සහන සැලසීමට කටයුතු කිරීම වටිනා දෙයක්. 


කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රංජිත් නන්දන පීරිස්..

ඉන්දියාවෙන් අඩු මිලට අල, ලූණු, පරිප්පු ඇතුලු පාරිභෝගික භාණ්ඩ මෙරටට ගෙනවිත් සහන මිලට පාරිභෝගිකයින්ට ලබා දීම අපේ අරමුණයි. ඒ වගේම දේශීය නිෂ්පාදකයාටත් සාධාරණ මිලක් ලබා දෙන වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කරනවා. දැනට සුපිරි වෙළෙඳ සැල් දහයක් ආරම්භ කිරීමට සූදානම්. බොහෝ තැන්වල දැනටමත් කටයුතු සිදු වෙනවා. 


කසාගල සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස..

මේ රටට වඩාත් ගැලපෙන්නේ ගොවියාත් පාරිභෝගිකයාත් සතුටු වන වෙළෙඳ පොළ ක්‍රමවේදයක්. එය අප නිර්මාණය කිරීමට කටයුතු කරනවා.

කසාගල සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී උපසේන හේරත් ස්තුති කතාව කළ අතර, ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ වැඩසටහන මෙහෙය වූවේය.


(සටහන |ජේ.මුණසිංහ)
 
ksgl
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න