'බෙරන්ඩිනා' ව්‍යවසායකත්ව සම්මාන උළෙල 9 වන වරටත් පවත්වයි

 'බෙරන්ඩිනා' ව්‍යවසායකත්ව සම්මාන උළෙල 9 වන වරටත් පවත්වයි

ග්‍රාමීය සංවර්ධනය අවම මට්ටමක පවතින ප්‍රදේශ වල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා මූල්‍ය පහසුකම් පිරිනමමින් ජනතාව බල ගන්වන බෙරන්ඩිනා ආයතනය නව වන වරට සංවිධානය කළ පළාත් සහ ජාතික මට්ටමේ හොඳම සහ දක්ෂතම ව්‍යවසායක සම්මාන උළෙල පසුගියදා මහත් අභිමානවත්ව කොළඹදී පැවැත්විණි.

අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කෑගල්ල, කුරුණෑගල, උතුර, නුවරඑළිය, ත්‍රිකුණාමලය යන කලාප අට යටතේ කාණ්ඩ 05ක් ආවරණය වන පරිදි ව්‍යවසායකයින් මෙහිදි ඇගයීමට ලක් කර තිබුණි.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසි ව්‍යවසායකයන් ඇගයීමද මෙහිදී සිදු කෙරිණි.

හොඳම කුඩා ව්‍යවසායකයා, කෘෂි කර්මාන්තය සඳහා හොඳම ව්‍යවසායකයා, සත්ත්ව පාලනය පිළිබඳ හොඳම ව්‍යවසායකයා, හොඳම නැගී එන ව්‍යවසායකයා සහ හොඳම ක්ෂුද්‍ර ව්‍යවසායකයා ලෙස ව්‍යසායකයන් 05 දෙනෙක් එක් එක් කලාපයෙන් තොරාගෙන  සම්මාන පිරි නැමුහ.

බෙරන්ඩිනා ආයතනයේ හොඳම කළමණාකරු, හොඳම ව්‍යාපාර සංවර්ධන නිලධාරී සහ හොඳම ක්ෂේත්‍ර නිලධාරී සඳහාද සම්මාන පිරිනැමුණි.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස නෙදර්ලන්තජාතික ජෝස් වැන් ඇග්ලන් සමග බෙරන්ඩිනා ආයතනයේ සභාපති අනුර අතපත්තු, අධ්‍යක්ෂ සරත් ප්‍රනාන්දු, කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චරිත් ප්‍රනාන්දු යන ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

WhatsApp Image 2025 10 16 at 18.33.23 1d6c588c

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න