මොදී සහ හරිනි ගේ සහභාගිත්වයෙන් 2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ

මොදී සහ හරිනි ගේ සහභාගිත්වයෙන් 2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ

2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ.

ඒ නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී.

අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වේ.

රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ථ ව්‍යාපාර නිර්මාතෘවරුන්,නවෝත්පාදකයින්, හා සමාජ සංස්කෘතික කෘතහස්තයින් එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම එම සමුළුවේ අරමුණයි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක්ද පැවැත්වීමට නියමිත වේ.

සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් ය.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද සමුළුව ඇමතීමට නියමිතයි.

මේ අතර ඉන්දීය සංචාරයක නිරත අග්‍රමාත්‍යවරිය අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ.

ඊයේ ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවුණි.

2025 NDTV ලෝක සමුළුව, හෙටින් අවසන් වේ.

 

"Looking Forward To The NDTV World Summit": Sri Lankan PM Harini Amarasuriya

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න