අනුර කරුණාතිලක නාගරික සංවර්ධන ඇමති ධුරයෙන් ඉවත්කළේ තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක ගොඩනැගිල්ලට අනුමැතිය දීපු නිසාද?

අනුර කරුණාතිලක නාගරික සංවර්ධන ඇමති ධුරයෙන් ඉවත්කළේ තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක ගොඩනැගිල්ලට අනුමැතිය දීපු නිසාද?
අමාත්‍ය අනුර කරුණාතිලකට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කොට අමාත්‍ය බිමල් රත්නායකට පැවරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.

බොහෝ පාර්ශ්වයන් අනාවරණ කරන්නේ තුම්මුල්ල ප්‍රදේශයේ හෝම්ලෑන්ඩ් ආයතනය විසින් ඉදිකිරීමට නියමිත තට්ටු 40කින් සමන්විත ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නැමැති දැවැන්ත සුපිරි නිවාස සංකීර්ණය ඉදිකිරීමට අවසර ලබා දීම මේ සදහා බොහෝදුරට හේතුවන්නට ඇතැයි සැකකරන බවකි.

තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට තට්ටු 3කට වඩා වැඩි නිවාස ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර ලබා නොදුන්නද හෝම්ලෑන්ඩ් ආයතනයට තට්ටු 40ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ලබා දීම ප්‍රශ්නසහගත බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

ඒ අනුව ඔවුන් පසුගිය දිනෙක තුම්මුල්ල ප්‍රදේශයේදී අදාළ නිවාස ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.

මෙවැනි පසුබිමක් යටතේ අනුර කරුණාතිලක අමාත්‍යවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරිය කොට ඉවත්කරන්නට හේතු වන්නට ඇති බව බොහෝ පාර්ශවයන්හි මතය වී තිබේ.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍ය බිමල් රත්නායකගේ විෂය පථයට එක්කිරීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ පියවර ගත් අතර මේ වනවිට රත්නායක විදේශගතව සිටි.


රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද?


සිය විදේශ සංචාරය නිමවා ලංකාවට පැමිණි සැණින් බිමල් රත්නායක මෙම සැකසහිත ගනුදෙනුවට සම්බන්ධ නාගරික සංවර්ධන අධිකාරියේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

එමෙන්ම මෙම නිවාස ව්‍යාපෘතියෙන් අගතියට පත්ව ඇති තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා, අගමැතිවරයා වෙත සහ ඇමැතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ අතර නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීම සදහා ප්‍රකට ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මීට අමතරව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද ප්‍රදේශවාසීන් කටයුතු කොට ඇති බවක් ආරංචිය.

මෙසේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන්ම සොයාබලන ලෙස උපදෙස් නිකුත් තොට තිබියදීත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගැනීම පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් හෝ ඉහළ නිලධාරීන් සිටින බවට සැකයක්ද ප්‍රදේශවාසීන් හට මතුව තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර ඇති ලිපිය මතු පළවේ.


colmb
clmb
 
 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න