ඇමති - මන්ත්‍රී ඉන්දන දීමනා දෙකම ගත්තු ඇමතිලා 4ක් මාට්ටු (වීඩියෝ)

ඇමති - මන්ත්‍රී ඉන්දන දීමනා දෙකම ගත්තු ඇමතිලා 4ක් මාට්ටු (වීඩියෝ)

මාලිමා ආණ්ඩුව බලයට පත්වීම කලින් ''අපි ඉතා සුපිරිසිදු මිනිස්සු'' යැයි පැවසුව ද දැනට ඇමතිවරු ලෙස කටයුතු කරන සිවු දෙනකු ඇමති ඉන්ධන දීමනාවට අමතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හිමි ඉන්ධන දිමනාව ද ලබාගෙන ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තාරක නානායක්කාර පැවසුවේ 2025 වසරේ ඔක්තෝබර් 07වන දින ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් 2024 වසරේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වන ආකාරය තමන් දුටු බවත්, එතැන් සිට මේ දක්වා කිසිදු දියුණුවක් දක්නට නොමැති බවත්, එහි බරපතල කම්පන ඇතිවීමේ ලක්ෂණ දක්වන ඇතැයි ප්‍රකාශ කර ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.