සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය අමතමින් පැවසීය.
විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් හඳුනා ගත් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණි.
සමාප්ති අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කිවේ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු බවයි.
රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරු බදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිද භාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
(lankadeepa - අංජුල මහික වීරරත්න)