ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අමුත්තියන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි අමුත්තියන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට

කොළඹ රේස් කෝස් පිටියේදී ආරම්භ වූ ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා කාන්තා සංචිතයට, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් එක්ව සිටින බවට වාර්තාවේ.

දේශීය රසිකයන්ගේ විශේෂ අවධානයක් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත යොමුව ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි.

මේ ක්‍රිඩිකාවන් දෙදෙනා ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ යි.

මෙම සොහොයුරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර නිව් සවුත් වේල්ස් පාසල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරති.

මෙම තරගාවලියේදී පළමු වරට ඔවුන් දෙදෙනාම එකවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටිති. චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.

ජපානය, චීනය, හොංකොං චීනය, තායිලන්තය, කසකස්ථානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මැලේසියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් මෙම තරගාවලියට සහභාගී වේ.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය රන්දිකා කුමුදුමාලි, සන්ජු විජේතිලක, ශානිකා මදුමාලි, ජයන්තී කුමාරි, සරණි නයනතාරා, සන්දිකා හේමකුමාරි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චාරණි තේක්ෂණා, කාංචනා මහේන්ද්‍රන්, ලියාරා ජයසිංහ, නියාරා ජයසිංහ, හෙකසිනි ක්‍රිෂ්ණකුමාර්, ගයානි, රන්දුනු, නිපුනි රසංජලී යන ක්‍රීඩිකාවගෙන් සමන්විතයි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න