මැතිවරණවලදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 2000කට නඩු

පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13කු සහ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1900 ක් ද පළාත් පාලමැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පවසයි.

පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පොලිසිය දැනුම් දී ඇත.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න