සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට, කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළ ද රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිත් නොකරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නොච්චියාගම දුනුමඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහන සමග එක්වෙමිනි.
එම වැඩසටහනට සහභාගි වෙමින් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සැලසුම් සහගතව පාසල් වහන්න හදනවා
''එක පාසලක් ආරම්භ කරන විට හිරගෙවල් දහසක් වැසෙනවා. අප කළ යුතු වන්නේ පාසල් වහන එක නෙවෙයි; පවතින පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම යි. පාසලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත ලබා දෙමින් නූතනවාදී යාවත්කාලීන වූ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතු යි. අපි: අධ්‍යාපනයේ වැඩිදියුණුව, පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා සහ අනෙකුත් භාෂා දැනුම ගැන වගේ ම මුල් ළමා වියේ සිට පරිගණක අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් සක්වළ වැඩසටහන පවා ක්‍රියාත්මක කළා.
එදා මේවා කරන විට කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළාට රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිවක් කරන්නෙ නෑ. මොවුන් පාසල් දියුණු කරනවා වෙනුවට පාසල් වහන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ සිටින තම ගුරු හිඟය පියවන්න හරි අඩුපාඩු පියවන්න හරි බැහැ. ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙන මේ අය කිසිම දෙයක් කරන්නෙත් නෑ. මොවුන් සැලසුම් සහගතව පාසල් වසා දමන්න යනවා. එය කරන්න ඉඩ දෙන්න බෑ. විපක්ෂයට කළ හැකි උපරිම දේ කරනවා.
ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට
ආණ්ඩුවක් තිබිය දී ජනාධිපතිවරයෙක් සිටිය දී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට. එම නිසා අගනුවර සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන මේ දුෂ්කර පාසල්වල ගැටලු විසඳනවා. පාසල් වසාදාන කුමන්ත්‍රණයත් වසා දමනවා. මෙසේ පාසල් වසා දමනවාට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු යි. ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙනවා. දේශපාලනය නෙවෙයි වැදගත් වෙන්නෙ; පාසලයි වැදගත් වෙන්නෙ. ඒ නිසා භේදයෙන් තොරව පාසල රැකගන්න සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරනවා.
වීඩියෝ