ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක

විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පත් වූයේ 93වන සභාපතිවරයා ලෙස ය; ඔහුගේ පත්විම 2025-2026 වර්ෂ සඳහා වලංගු ය.

මෙහි දී නව සභාපතිවරයාට විශේෂ සභාපති පලඳනාව පලඳවන ලද්දේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය රුවන් ජයසිංහ විසිනි.

මෙම උත්සවයේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

වෘත්තීය ප්‍රමිති ආරක්ෂාකරමින් ලබාදෙන සේවාව විශිෂ්ට යි

''දීර්ඝ ඉතිහාසයක් සහිත මෙරට පැරණිතම, ගෞරවනීය, වෘත්තීය සංගමයක්වන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට  සහභාගිවීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකනවා. එමෙන්ම නව සභාපතිවරයා ලෙස පත්වූ වෛද්‍ය ආනන්ද රත්නායක මහතාට උණුසුම් සුභ පැතුම් ද එක්කරනවා.

දශක නවයකට අධික කාලයක් පුරා  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සදහා විශාල දායකත්වයක්, මගපෙන්වීමක් ලබා දුන්නා. ඉහළ වෘත්තීය ප්‍රමිති ආරක්ෂාකරමින් මෙරටට ලබාදෙන විශිෂ්ට සේවාව පිළිබඳව ආඩම්බර වියහැකි යි. ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෝහෝ අංශවලින් කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. මුඛ සෞඛ්‍ය අංශයෙන් එම ප්‍රගතියේ යම් පසුබෑමක් පෙන්වනවා.

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වගකීම්

පාසල්යන වයසේ දරුවන්ගෙන් බහුතරයක් මෙන්ම වැඩිහිටියන්ගෙන් බෝහෝ පිරිසක් දන්ත රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා. මෙම තත්ත්වයෙන් මෙරට දරුවන් සහ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යන් සඳහා මැදිහත්වීම අවශ්‍ය යි. මෙම කාර්යයේ දී ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයට (SLDA) විශාල වගකීමක් පැවරෙනවා. මුඛ පිළිකා වැළැක්වීම මෙන්ම එම තත්ත්ව කලින් හදුනා ගැනීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද පවතිනවා. මෙරට පිරිමින් අතර පවතින මුඛ පිළිකාව ගැටලුවක්. උසස් ප්‍රමිතිගත සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක වනවා. සැමට ප්‍රවේශවිය හැකි අයුරින් වර්තමානයේ මෙරට ක්‍රියාත්මක  මුඛ සෞඛ්‍ය සේවාව  තව තවත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. සෑම සිනහවකින් ම යහපත් සෞඛ්‍යයක්, ගෞරවයක් සහ යහපැවැත්මක් පිළිබිඹු වන ජාතියක් බවට මෙරට ජනතාව පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෘත්තිකයන්, ප්‍රජාව  එක්ව කටයුතු කරමු.''

සාමාජිකයන් 1,900 ක පමණ  පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන අතර මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මුලික කාර්යභාර්යන් ලෙස සලකා කටයුතු කරයි.

නව සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියකේ පලිපාන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශ්‍යාමා බන්නැහක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය චන්දන ගජනායක, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය රවීප්‍රිය රණවක, භාණ්ඩාගාරික වෛද්‍ය ක්‍රිෂාන්ත අතපත්තු යන අය ඇතුළුව සංගමයේ සාමාජික වෛද්‍යවරු පිරිසක්ද එක්ව සිටියහ.

(දීප්ති විජේතුංග) 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න