තද වැසි මැද ගංවතුර අවදානමක්: ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක්

තද වැසි මැද ගංවතුර අවදානමක්: ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනයක්

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද ප. ව. 02.30 ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස එහි සඳහන් වේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55–65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව දැනුම් දී තිබේ.


වැස්ස අඩු වෙන්නේ කවදා ද?

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි ස්වභාවය නිසා ඇතිව තිබෙන වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර ඇති වීමේ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජන ජීවිතයට බලපෑම් ඇති කර තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව බීබීසි සිංහල සේවය කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ, මෙරිල් මෙන්ඩිස් පවසා ඇත්තේ,  පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද බලාපොරොත්තු වන බව ය.

"දැනට තියෙන කැළඹිලි ස්වභාවය හෙට දිනයේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා ඉන්දියාව දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි තියෙන්නේ. එහෙම වුණා ම ලංකාවේ නිරිත දිග කොටසේ වැස්ස වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල ඉස්සරහ දවස් ටිකෙත් වැස්ස බලාපොරොත්තු වෙන්න පුළුවන්," ඔහු පවසයි.

කෙසේ වෙතත්, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් ගැන දැනට අනාවැකි පළ කළ නොහැකි බවත් පද්ධතියේ හැසිරීම අනුව එය වෙනස් වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න