රථවාහන වැරැදි සම්බන්ධයෙන් පොලිසියෙන් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සදහා දඩ මුදල් Gov Pay හරහා ගෙවීමේ පහසුකම අද (20) සිට දකුණු පළාතේ ආරම්භ කළ බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශයේ ඩිජිටල් කටයුතු පිළිබද කාර්ය සාධක බළකායේ සභාපති හර්ෂ පුරසිංහ පැවැසීය.
එම දඩ ගෙවීමේ ක්‍රමය සදහා දකුණු පළාතේ පොලිස් ස්ථානවලට ජංගම දුරකතන 400 කට අධික ප්‍රමාණයක් ද ලබා දී ඇත.
වැඩිම දඩ මුදල් බස්නාහිර පළාතෙන් අයකර ගෙන ඇති බවත් මාස දෙකක් ඇතුළත රථවාහන වැරැදි 20,000 කින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අය කර ගෙන ඇති බවත් පුරසිංහ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ රජයේ ප්‍රවෘත්ති දොර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
Gov Pay යනු රාජ්‍ය ගෙවීම් පද්ධතිය වන අතර මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ලංකා පේ ආයතනය, අයි.සී.ටී ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් බවත් එය පසුගිය පෙබරවාරි මාසයේ හදුන්වාදුන් බවත් හර්ෂ පුරසිංහ මහතා කීය.
(ගයාන් සූරියආරච්චි - lankadeepa)

