දුම්රිය ලොක්කන් ඇමැති බිමල්ගේ නියෝගයට පයින් ගහලා

දුම්රිය ලොක්කන් ඇමැති බිමල්ගේ නියෝගයට පයින් ගහලා

සමහර මගී  දුම්රියවල විදුලි පංකා කිසිවක්ම   වැඩ නොකරන  අතර බොහෝ ඒවායේ ක්‍රියාත්මක වන්නේ   අතරින් පතර එකක් දෙකක් පමණක් බව ජනතාව පෙන්වා දෙති.

දුම්රිය මැදිරිවල ජනෙල්  බොහොමයක් කැඩී ගොස්ය. තවත් ඒවා විවෘත කිරීමට නොහැකි වන අන්දමට හිරවී  පවතින්නේය.

සමහර දුම්රිය මැදිරිවල වර්ෂා කාලයට ගමන් කිරීමට නොහැකිය. ඊට හේතුව මැදිරිවල වහල දිරා ගොස් ඒවායින් වතුර කාන්දු වීම  බව මගීහු  සඳහන් කරති.

දුම්රියන්හි වැසිකිළි කැසිකිළිවල අපවිත්‍රතාවයද  පෙරසේමය.

කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රී 7.50ට පමණ රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ බොහෝ මැදිරිවලට වහලයෙන් ජලය කාන්දුවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූහ.

මේ හේතුවෙන් මැදිරි බොහොමයක ආසන පවා තෙමී ගොස් තිබූ හෙයින් ජනතාව බොහෝ දෙනකු සිට ගෙන ගමන් ගන්නා ආකාරය අපට දැකගත හැකි විය.

මේ අතර දුම්රිය ගමන් වාර ගණනාවක්ම අවලංගු වීම සහ දුම්රිය ප්‍රමාදය හේතුවෙන්ද ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවයට පත්වෙති.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දුම්රිය මැදිරිවල අඩුපාඩු යම් ප්‍රමාණයක් නිවැරදි කර ඇති බවයි.

සෙසු අඩුපාඩු නිවැරදි කිරීමට කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

(සුජිත් හේවාජුලිගේ - lankadeepa)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න