2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටියහ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.
ඒ, එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙසය.
එමෙන්ම චමරි වාර්තා අතරට එක් වුණේ එම කඩයිම පසු කළ සිව්වන ආසියානු පිතිකාරිනිය බවට පත්වෙමින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
