ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව නව ජනතා පෙරමුණෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

 ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව නව ජනතා පෙරමුණෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත්, එය පරිපාලනමය කටයුත්තක් ලෙස සලකා සාධාරණීකරණය කිරීමට මාලිමා ආණ්ඩුව උත්සහා කරන්නේ යැයි සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (21) නව ජනතා පෙරමුණ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර, රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාස සංවිධායක සමන් රණතුංග එක්ව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණයට සිදු කරන ලද අපහාසය සම්බන්ධව නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් බාර දීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාලක බණ්ඩාර...



සමස්ත අධිකරණ කේෂ්ත්‍රයට ම සිදු කළ අභියෝගයක්

''මේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරන්නේ ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කර නෑ. එහි දී සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වනවිට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය විසින් ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක කර නොසිටි බව යි.

ලක්මාලි මන්ත්‍රිතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ  මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතරයි  ද කියලා. සමස්ත අධිකරණ කේෂ්ත්‍රයට ම සිදු කළ අභියෝගයක් ලෙස මෙය දකින්න පුළුවන්. අධිකරණ තීන්දුවක් නිතිඥවරියක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අමු අමුවේ විචේචනය කිරීම අධිකරණයට සිදු කල බරපතළ අපහාසයක්.  ඒ නිසා  අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගෞරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා.


 නඩු අහන්න බලය ගමට


බලය ලබා ගන්න කලින් ලාල් කාන්ත කිව්වා නඩු අහන්න බලය ගමට ලබා දෙනවා කියලා. ඒ කියන්නේ පාරක් පාරක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් උඩ ඉඳගෙන නඩු විසදන්න තමයි එදා බලය දෙනවා කිව්වේ. අපි අහන්නෙ මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒකද කියල. අපිට ඒ ගැන සැකයක් තියෙනවා. මේ මාලිමා ආණ්ඩුවේ වැඩපිළිවෙළ මේකද?  බලන් යනකොට ලක්මාලිට විතරක් නෙමේ  මුළු මාලිමා ආණ්ඩුවටම ට්‍රැක්. හැබැයි මාලිමා ආණ්ඩුව ට්‍රැක් පැන්නයි කියලා රටේ අධිකරණයේ ගරුත්වය, ස්වාධිනත්වය හෑල්ලුවට ලක් වෙන්න දෙන්න බෑ. මොකද මීට කලින් ගරු අධිකරණයට අපහාස කිරීම නිසා එස්. බී. දිසානායක, රන්ජන් රාමනායක යනාදි දේශපාලඥයින්ටත් තදින් නීතිය ක්‍රියාත්මක වුණා.

ලක්මාලි හේමචන්ද්‍ර වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අපි අවධානයෙන් සිටිනවා. ලක්මාලි හේමචන්ද්‍ර වහාම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥභාවය ද අහෝසි කළ යුතුයි. අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. ඒ් වගේම නව ජනතා පෙරමුණ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට සිදු කළ අපහාසය වෙනුවෙන් එම අධිකරණයේ ම නඩු පවරන්න බලා පොරොත්තු වෙනවා.


ආණ්ඩුව කරන පිස්සු වැඩ


ආණ්ඩුව පොලිස්පතිවරයාට පොලිස් සේවා කොමිෂන් සභාවේ බලතල ලබා දීලා, පොලිසියේ ස්ථානාධිපතිවරු සීයයකට ආසන්න ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබා දීලා, පොලිසීය සම්පුර්ණයෙන් ම දේශපාලනීකරණය කරලා තියෙනවා. ඊට පස්සේ දැන් සුදානම් වෙලා තියෙනවා අධිකරණයට බාධා කරන්න. ඒ නිසා අධිකරණයේ ගරුත්වය, ස්වාධිනත්වය කිසිසේත්ම විනාශ කරන්න දෙන්න බෑ. මොකද රටට තියෙන එකම පිහිට දැන් අධිකරණය විතරයි.

 මේ කරන පිස්සු වැඩ අනුව මේ ආණ්ඩුව ගැන මේ රටේ ජනතාවට කිසිම බලාපොරොත්තුවක් නෑ. ඔවුන්ට තියෙන එකම පිහිට අධිකරණය පමණයි. ඒ නිසා මෙලෙස අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධව වහාම අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නව ජනතා පෙරමුණ විසින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම නීතිමය ක්‍රියා මාර්ග ගන්න සුදානම් බව අපි කියන්න කැමති.''
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න