වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ඔහු වෙත පැනයක් ඉදිරිපත් කළ සාවින්ධ්‍යා එදිරිමාන්න වෙත පිළිතුරු සපයමිනි.
එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් විමසුවේ මෙතෙක් වෙන් කළ මුදලින් අඩක් කප්පාදු කර තිබිය දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට ආණ්ඩුව පිවිසෙන්නේ කෙසේ ද යන්න ය.
මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.