විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති පදවියට

 විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති පදවියට

ඔහු මෙම අදහස් පළ කළේ ගලධාරී හෝටලයේ පැවති ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත් කිරීම අලළා පැවති උත්සවයේ දී ය.

ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මෙම ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය සහ යහපැවැත්ම උදෙසා ක්‍රියා කිරීමේ කැපවීම නිරූපණය කරයි.

මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහිදී පැවැසීය.

මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලුම සාමාජිකයින් කැප වෙමින් හා ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ හා ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය වැනි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද පෙන්වා දුන්නේ ය.

මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පැවැසී ය.

සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටිනවා

අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසීය. ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න