පසුගිය දිනක විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් සිදු වූ බවත් එහි දී එම සංගමයේ ලේකම් වන සමින්ද ගමගේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට අමතරව එම සේවක සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ප්‍රියන්ත මධුකුමාර කාමරයක දමා හිරකර ඔහුගේ දුරකථනයේ තිබූ දත්ත මකා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ කරුණු දක්වමිනි.
''විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක සේවිකාවන් වෙනුවෙන් පසුගිය කාලයේ මහපාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණ යි. එදා කම්කරු අයිතිය සේවක අයිතිය වෙනුවෙන් රාජ්‍ය ආයතන සුරක්ෂා කිරීම වෙනුවෙන් සේවකයන් මහපාරට බැස්සවූ වත්මන් රජයේ මන්ත්‍රිවරු අද වෘත්තීය සමිති සාමාජිකයන්ට පහර දෙනවා. එය අනීතික ක්‍රියාවලියක්. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය යි.
විදුලි බල මණ්ඩලය තුළ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිතියක් නැහැ. එවැනි අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.''