සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳ නිරූපණ ශිල්පිණි පියුම් හංසමාලිගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය පවසයි.
ඒ සඳහා කළ දැනුම් දීමට අනුව පියුම් හංසමාලි ඊයේ(21) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය.
ඇයගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, තවත් නිරූපිකාවන් හා නිලියන් කිහිප දෙනෙකුගෙන්ම කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග පැවැත්වු සබඳතා පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිත බවයි.
(Newsfirst.lk)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
