සූර්ය බලශක්තිය අධෛර්යමත් කරන්න එපා; පෙර ගෙවපු මුදලම ගෙවන්න - සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි

සූර්ය බලශක්තිය අධෛර්යමත් කරන්න එපා; පෙර ගෙවපු මුදලම ගෙවන්න - සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි

2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර තිබුණ ද සූර්ය බලශක්තියට

ගෙවන මුදල37 සිට රු. 27ට අඩු කර පසුව රු. 24ට සහ රු. 18ට අඩු කර ඇති බැවින් සුනිත්‍ය බලශක්තිය පලුදු කිරීමක් සිදුවන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

සුනිත්‍ය බලශක්තිය පලුදු කිරීමක්

''2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර තිබෙනවා. ඒ සඳහා සූර්ය බලශක්තියට ගෙවන මුදල රු. 37 සිට රු. 27ට අඩු කළා; පසුව රු. 24ට සහ දැන් රු. 18ට අඩු කරලා. මෙහි දී සිදුවන්නේ සුනිත්‍ය බලශක්තිය පලුදු කිරීමක්. මේ අයට ගෙවන මුදල අඩු කරන විට සූර්ය බලශක්ති ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බරපතළ අගතියක් සිදුවී සූර්ය බලශක්තියට යොමුවන ප්‍රමාණය අධෛර්මයත් වෙනවා.

එල්.එන්.ජී කියන්නෙ පුනර්ජනනීය බලශක්තිය නෙවෙයි

එබැවින් කරුණාකර සූර්ය බලශක්තියට ගෙවන මුදල් කපා නොදමා තිබූ තත්ත්වයට ගෙන එන්න. පුනර්ජනනීය බලශක්තිය 2030 වන විට 70% කරා යන විට එයට එල්.එන්.ජී. ද ඇතුළත් කර තිබෙනවා. නමුත් එල්.එන්.ජී යනු පුනර්ජනනීය බලශක්තිය නෙවෙයි. ගල්අගුරු එක්ක සංසදනය කළ විට කාබන් විමෝචනය අඩු වුවත් මේ තුළින් සල්ෆර් විමෝචනය ඇතුළු පරිසරයට අහිතකර දේවල් සිදු වෙනවා. එල්.එන්.ජී. කියල පටන් ගන්න ව්‍යාපෘති උදාහරණයක් ලෙස යුගදනවි වැනි ව්‍යාපෘති අදටත් එල්.එන්.ජී නොවී ඉන්ධන හා ඩීසල් බලාගාර වෙලා තියෙන නිසා පුනර්ජනනීය බලශක්තිය පලුදු නොකර සූර්ය බලශක්තියට ගෙවපු නිශ්චිත මුදල ලබා දෙන්න.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න