හම්බන්තොට වරායේ සිට කර්මාන්ත ශාලා දක්වා සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (ක්ලින්කර් - clinker, ජිප්සම් -gypsam , ස්ලැග්- slag ) පැටවීම හා බෑම (loading unloading) අවස්ථාවලදී මෙන්ම ප්‍රවාහනයේදී ද විශාල වශයෙන් දුවිලි අංශු පරිසරයට මුදා හැරෙන බවත් එම තත්වය තුල බරපතල පාරිසරික විනශයක් සිදුවන බවටත් ප්‍රදේශවාසීන් චෝදනා කරති.
ඇතැම් සිමෙන්ති සමාගම් සංවෘත වාහක පටි ( (Coovered Conveyer Belt) මගින් ප්‍රවාහනය කිරීමේ තාක්ෂනය උපයෝගිකර ගෙන ඇතත් ඇතැම් සමාගම් එවැනි තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය නොකොට විවෘත ස්ථානවල ( open ground) මෙම අමුද්‍රව්‍ය ගොඩ බැම් සිදුකිරීම නිසා මෙවැනි තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
ඇතැම් සිමෙන්ති සමාගම් හම්බන්තොට වරායේ සිට ඔවුන්ගේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාව දක්වා ආවරණය නොකෙරු ට්‍රක් රථ මගින් මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබයි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් අදාල ප්‍රදේශයන්හි පරිසරයට මෙන්ම ප්‍රදේශ වාසීන්ට ද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද විශාල හානියක් සිදුව ඇත. එමෙන්ම මෙම අමුද්‍රව්‍ය වල පවතින ඇතැම් රසායනික අංශු පිළිකා රෝගී තත්ත්වයන් ඇති කිරීමේ අවදානමක් ද පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයින් පවසන්නේ, දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන සංවෘත වාහක පටි (කන්වේයර් බෙල්ට්) භාවිතා කළහොත් අපතේ යෑම් සහ පරිසර දූෂණය අවම වන බවයි. මෙය පරිසර හිතකාමි වනු ඇතැයි ද ඔවුන් පවසති.