කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන, තරුණ
ව්‍යවසායකයින් 1000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි (4 I Project) සමාරම්භක උත්සවය 22 (ඊයේ) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සාර්ථකව පැවැත්වුණි.

මෙම 4I ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ඉලක්ක මාර්ග හා අනුගත වෙමින් තරුණ ව්‍යවසායකයින්ගේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන වැදගත් ජාතික වැඩපිළිවෙළකි. මෙය පදනම් වී ඇත්තේ ඒකාබද්ධ කිරීම, නවෝත්පාදන, ක්‍රියාත්මක කිරීම, සහ වැඩිදියුණු කිරීම යන මූලික දිශානති හතර මතයි.
අපේක්ෂිත ප්‍රධාන ආර්ථික ඉලක්ක
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති...

''පළමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පදනම්ව එහි දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කළා. මෙම දෙවන අදියර දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 17ක් ආවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ජාතික මෙහෙවරේ සාර්ථකත්වය සඳහා දායක වූ සියලු පාර්ශවයන්ට මාගේ ස්තුතිය පුද කරන අතර අප රටේ නිෂ්පාදන වටිනාකම වැඩිවීම, අපනයන හැකියාව වර්ධනය වීම, ලාභදායීතාව වර්ධනය වීම සහ තරුණ ප්‍රජාව මත නව රැකියා අවස්ථා පුබුදුවාලීම අපගේ ප්‍රමුඛතාව වෙනවා.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
