පොලිස් නිලධරයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස ඉල්ලා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ පොලිස්පති වෙත ලිපි ඉදිරිපත් කර තිබේ.
ඒ පොලිස් නිලධරයන් විසින් සිදු කරන ලද රාජකාරීමය කටයුතු හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඔවුන්ගේ ජීවිතවලට තර්ජන පවතින බවට සඳහන් කරමිනි.
මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් ඇතුලත් දුරකථන පණිවුඩයක් 2025.08.05 වන දින RTM 160 (CRTM 141) යටතේ නිකුත් කර ඇති නමුත් එම පණිවුඩයේ සඳහන් උපදෙස් අනුව කටයුතු නොකිරිම හේතුවෙන් මෙලෙස තම ජීවිත වලට තර්ජන පවතින බව සඳහන් කරමින් පොලිස් නිලධරයන් ලිපි යොමු කරන බවට නිරීක්‍ෂණය වී ඇත.
එහි දක්වා ඇත්තේ
උපදෙස්
1. පොලිස් නිලධරයන්ට ඇති ජිවිත තජන සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් වාතාවක් කැදවීමෙන් පසුව එහි ඇති සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගෙන ජීවිත තර්ජන ඇති පොලිස් නිලධරයන් හට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පුද්ගලිකව පැති අවි නිකුත් කිරීමට කටයුතු කල යුතුයි.
2. පොලිස් නිලධරයන්ට ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජිවිත තර්ජන ඇති බව බුද්ධි අංශ වාර්තා මඟින් තහවුරු කර ගැනීමෙන් පසු එම තර්ජන එල්ල කරන ලද පුද්ගලයන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුයි.
3. එසේ ජිවිත තර්ජන ඇති බව බුද්ධි අංශ වාර්තා මඟින් තහවුරු කර ගැනීමෙන් පසු එම නිලධාරීන් සඳහා 2023 අංක 10 දරණ අපරාධයක වින්දිකයින් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රැකවරණය ලබා දීමට ක්‍රියා කල යුතුයි.
4. මරණීය තර්ජන එල්ල වී ඇති පොලිස් නිලධරයන්ට ඔවුන් විසින් ඉල්ලුම් කරන ලද ඔවුන්ට ආරක්ෂාව තහවුරු කර ගත හැකි පොලිස් ස්ථානයන් වෙත හෝ විශේෂිත වූ ඒකකයන් වෙත ස්ථාන මාරුවීම් ලබා දීම සඳහා නිර්දේශ මා වෙත ලබා දීමට කටයුතු කල යුතුයි.
5. ජීවිත තර්ජන එල්ල වී ඇති නිලධරයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හට නිල නිවාස ලබා දීමෙන් බාහිර තැනැත්තන් සමඟ සෘජුව ගැටීමකට ඇති හැකියාව අඩු බැවින් නිල නිවාස ලබා දීමේ දී එම නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කල යුතුයි.
6. වැටලීම් සිදු කරන ලද පොලිස් නිලධරයන්හට ඔවුන් විසින් සිදු කරන ලද ඉහතආකාරයේ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව අධිකරණ වලට සාක්ෂි ලබා දීම සදහා අනිවාරයෙන් පෙනී සිටිය යුතු බැවින්, එවැනි අවස්ථා වල දී පොලිස් නිලධරයන්ට ඇති ජිවිත තර්ජන පහසුවෙන් එල්ල විය හැකි බැවින්, එවැනි නිලධරයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ආරක්ෂාව ලබා දී ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කල යුතුයි.
7. අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පොලිස් නිලධාරීන් වෙත එල්ල වන ජිවිත තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අදාල සැකකරුවන් බන්ධනාගාරගත වී සිටි නම් හෝ ඇප මත මුදා හැර ඇත්නම් ඒ සම්බන්ධව නඩු විභාග වන ගරු අධිකරණවල විනිසුරුතුමන්ලා වෙතදැනුම් දී ඒ සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට කටයුතු කල යුතුයි.
8. ජීවිත තර්ජන සම්බන්ධ ආරක්ෂාව ඉල්ලා ඇති නිලධාරීන්ට පැති අවි නිකුත් කිරීමෙන් පසු ස්ථානාධිපති. සහකාර පොලිස් අධිකාරී සහ කොට්ඨාසභාර නිලධාරී මඟින් සමීප අධීක්ෂණයක් සිදු කල යුතුයි.
9. මෙම පැති අවි නිකුත් කරන නිලධාරීන් සම්බන්ධව නිලධාරියා අනුයුක්ත කොට්ඨාසයේ ගොණුවක් ආරම්භ කර එම ජීවිත තර්ජන වලට අදාළ සිද්ධීන් සම්බන්ධව ප්‍රගතිය වාර්ථා කර ගත යුතුයි.
10. අදාල නිලධරයන්ට ඉහත කී ආකාරයට අවශ්‍ය ආරක්ෂාව ලබා දී වසරක කාලයකට පසු නැවත සුදුසු නිලධරයන් පිළිබඳ තර්ජන තක්සේරු වාර්තාවක් බුද්ධි අංශ වෙතින් ලබා ගැනීමට ක්‍රියා කල යුතුයි.
ඒ අනුව. එකී නිලධරයන්ට පැති අවි නිකුත් කිරීමේ කාර්යය පිළිබඳව විමසා බැලිය යුතුය.
11. මෙම පැති අවි නිකුත් කරන නිලධාරීන් සම්බන්ධ දත්ත පද්ධතියක් මධ්‍යම අවි ගබඩාව මඟින් පවත්වාගෙන යා යුතු අතර. අදාල ලේඛණද නිරන්තරයෙන් යතාවත් කිරීමට කටයුතු කල යුතුය.
03. ඉහත උපදෙස් සම්බන්ධයෙන් ඔබ යටතේ සිටින සියළුම නිලධාරින් වෙත උපදෙස් පංති වාර 03 දී කියවා දී දැනුවත් කිරීමට කටයුතු කල යුතුය.
එබැවින්, 2025.08.05 වන දිනැති RTM 160 (CRTM 141) දරන දුරකථන පණිවුඩයේ සඳහන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස සහ සියලුම නිලධරයන් දැනුවත් කිරිමට කටයුතු කටයුතු කරන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ලිපියක් යොමු කරමින් සදහන් කර සිටියි.
තවද ජිවිත තර්ජන පවතින පොලිස් නිලධාරීන්ගේ නිවෙස් වලට අවශ්‍ය ආරක්ෂක විධි විධාන අදාල පලත් භාර නිලධාරීන් විසින් සිදු නොකර බවද එම නිලධාරීන් මැසිවිලි නගති.
පොලිස්පති නිල කාර්යාලය නිකුත්කල නිවේදනය මතු පළවේ.
(nethnews)