මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසුගියදා නේවාසික විනෝද චාරිකාවක් සහ වෛද්‍ය වැඩමුළුවන් පවත්වා ඇති අතර මෙම විනෝද චාරිකාව සහ වැඩමුළුව සඳහා ඖෂධ සමාගම්වලින් වෛද්‍ය සංගමයේ අදාළ රෝහලේ ශාඛාවට මුදල් ලබා දී ඇති බවට ලද පැමිණිල්ලක් මත අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කොට ඇත.
දැනටමත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ද සටහන් කොට ඇත.
අදාළ විනෝද චාරිකාව, නේවාසික පහසුකම් සඳහා කාමර සඳහා ගෙවීම් සිදු කිරීම, හා අනෙකුත් වියදම් සඳහා මුදල් උපයාගෙන ඇත්තේ ඖෂධ සමාගම්වලින් බවට ලද තොරතුරක් මත මෙම විමර්ශන ආරම්භ කොට ඇත.
ඉදිරියේදී මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
