සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධියේ එකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සමාගමේ අධක්ෂකවරුන් ප්‍රවර්ධන නිලධාරින් බව කියන විල්වරාජන් විජේන්ද්‍රන්, ප්‍රියනත් ප්‍රේමනාත්, ශ්‍රියානි කපුවත්ත, නෙවිල් බණ්ඩාර කුලතිලක, සෝණමුත්තු සිවරාසා, පී. ප්‍රේමකීර්ති, සුසන්ත බණ්ඩාර ඇතුළු සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොකළ අනීතික සමාගමක් පවත්වාගෙන යමින් මුදල් වංචාවක් කිරීමේ සැකයට සමාගමේ අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
(රෝෂන් තුෂාර -lankadeepa)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
