සර්වජන බලය විධායක කමිටු සභික සහ සර්වජනබලය ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරු සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධූර විතානගේ පත් කර තිබේ.
මධූර විතානගේ මහතා සිය පත්වීම් ලිපිය සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අතින් අද දින සර්වජන බලය මූලස්ථානයේදී බාරගත්තේය.
මදුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කාලය තුළ කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර පසුගිය 2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළේය.
එමෙන්ම පසුගිය 2020-2024 කාලයේදී ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

