සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජනයක්

සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජනයක්

තමාට ජීවිත තර්ජනයක් තිබෙන බවට පොලිස්පතිවරයා කරුණු වාර්තා කර ඇති හෙයින් ආරක්ෂාව තහවුරු කරන්නැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගෙන් පාර්ලිමේන්තුවේදී අද (24) ඉල්ලීමක් කළේය.

තමා ගෙදරින් එළියට බහින අවස්ථාවේදී ඝාතනය කරන බවට පොලිස්පතිවරයා කළුතර පොලිස් ප්‍රධානියකුට යැවූ නිවේදනයක සඳහන් වන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ජගත් විතාන මහතා පොලිස්පතිවරයාගේ එම ලිපිය මෙහිදී සභාගත කළේය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ මෙම ප්‍රශ්නය සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයාට යොමු කරන බවයි.

''දැන්වත් ආරක්ෂාව ලබා දෙන්න'' - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලයි

ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතු කරන්න අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ සභාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනයක් බවත් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මරණයෙන් හෝ පාඩමක් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවා පොලිස්පතිවරයාට දිවුරුම් ප්‍රකාශයක් මගින් සිය ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියත් එය ලබා නොදුන් බවත් ජගත් විතාන මහතාට සහ විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නිසා මේ ප්‍රශ්නය ගැන දැඩි අවධානය යොමු කර ජගත් විතාන මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙසත් මෙය කල් දැමිය නොහැකි බවත් ජීවිතයක් අහිමි වූ පසු ආරක්ෂාව ලබා දී වැඩක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න