ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුව ද එහි ගැටලු සහ අභියෝග ගණනාවක් පවතිනවා - GMOA

ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක් වුව ද එහි ගැටලු සහ අභියෝග ගණනාවක් පවතිනවා - GMOA

ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් වුව ද, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යවලට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.


එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව එබඳු තත්ත්වයක් යටතේ වුව ද මෙබඳු සේවාවක් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවට ලබා දෙන්නේ ගැටලු සහ අභියෝග ගණනාවක් මධ්‍යයේ බව එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මහජන බදු මුදල්, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුළ පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් ඔස්සේ විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව එම සංගමය අවධාරණය කර ඇත.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.



GMOA1gmos2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න