බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
ඊයේ (24) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.
ඔහු බිරිඳ සමග නිවස බලා යමින් සිටියදී බද්දේගම, ගොඩකන්ද ප්‍රදේශයේ දී මාර්ගය හරස්කර මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.
උපසභාපතිවරයා මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් පෝද්දල පොලීසියට පැමිණිල්ලක් ද කර ඇත.
බද්දේගම ප්‍රාදේශීය සභාවට තරගකළ අපේක්ෂකයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවට සැකකෙරේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
