"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම Whatsapp සමූහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
එමෙන් ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ සමූහවලට නොරැවටෙන ලෙසත්, ඒ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙසත් එම නිවේදනය මගින් ඉල්ලා සිටියි.

