‘රටම එකට’ මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් 30 දා ඇරඹේ

‘රටම එකට’ මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් 30 දා ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් මුලිනුපුටා දැමීමේ අරමුණින් ආරම්භ කෙරෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වැනිදා පෙරවරු 10.00ට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙයි.

එසේම වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳදැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමැති පිරිස් සඳහා අවස්ථාව ලබා දීමත් අපේක්ෂා කෙරේ.

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නැති බවත්, සියලු වාද භේද අමතක කර ඒ වෙනුවෙන් සියලු පුරවැසියන් එකමුතු විය යුතු බවත් අවධාරණය කෙරෙන මෙම ‘රටම එකට’ ජාතික මෙහෙයුම මඟින් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලුනුපුටා දැමීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න