අස්වැසුම දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැතිනම් වහාම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බව රජය ප්‍රකාශ කරයි.
අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසකම් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරනලද ප්‍රතිලාභීන් විශාල පිරිසක් සිටින බව පෙනී යාමත් සමග අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කරයි.
ඒ පිළිබඳ අදහස් දක්වන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා, දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට තේරී පත් වූ ප්‍රතිලාභීන්ගේ නාමලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දැනටමත් ප්‍රදර්ශනය කර ඇතැයි පවසයි.
එම ප්‍රතිලාභීන් අතරින් මේ වනවිටත් අදාළ ප්‍රතිලාභ බැර කිරීම සඳහා වූ බැංකු ගිණුම් විවෘත කර නොමැති ප්‍රතිලාභීන් සිටින බව තමන්ට නිරීක්ෂණය වී ඇතැයි ද මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාභින් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම විවෘත කිරීමට අදාළ ලිපිය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගතු යුතු යැයිද ඔහු කියයි.
එලෙස ලබාගත් ලිපි මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු ශාඛා වලින් තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභ බැංකු ගිණුමක් විවෘත කරගත යුතුය. ඉන් පසු මෙම බැංකු ගිණුමේ විස්තර තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැවත ලබා දිය යුතුයැයිද කොටවලගෙදර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(ජේ. මුණසිංහ)

