පවතින ක්‍රමය වෙනස් කර යුක්තිය සාධාරණත්වය නීතිය රජය යුගයක් ඇති කරණ බවට වත්මන් රජය පොරොන්දු වී ගෙන ආ නව ක්‍රමය තුළ මිනිමරු සංස්කෘතිය ප්‍රචලිත වී ඝාතන ක්‍රියාදාම වර්ධනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ මට්ටක්කුලිය සම්මන්ත්‍රණ පුර පැවැති ජන හමුවක් අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ආණ්ඩුව, රාජ්‍ය තුළ ඒකාධිපති ක්‍රමය ප්‍රචලිත කරවන්න කටයුතු කරනවා
''මේ වන විට තරගයට මනුෂ්‍ය ඝාතන සිදු කර ජීවිත හානි පවා සිදු කරනවා. මහජන නියෝජිතයන්ට ජනතාව අතරට ගොස් සේවය කිරීම අහිමි වෙලා. මෙවැනි තත්ත්වයක් උඩ රජය කියන්න තරම් බොරු කිය කිය සමාජය මිනිමරුවන්ට පාතල කල්ලිවලට ඝාතකයන්ට පවරලා. ඊට අමතරව තර්ජනය ගර්ජනය පතුරා රාජ්‍ය තුළ ඒකාධිපති ක්‍රමය ප්‍රචලිත කරවන්න කටයුතු කරනවා. දැන් රාජ්‍ය කේන්ද්‍ර කර ගත් ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරවන්න හදනවා.
වැලිගම සමගි ජන බලවේගයේ සභාපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ලිව්වත් ආරක්ෂාව නොදුන් නිසා අවසානයේ ඔහු ඝාතකයන්ගේ ගොදුරක් බවට පත් වුණා. ජගත් විතාන මන්ත්‍රීවරයාට පවා ජීවිත තර්ජන එල්ල වී තිබෙනවා. මේ ජීවිත තර්ජන පවා හෙළි කළේ පොලිසිය නෙවෙයි; ජගත් විතාන මන්ත්‍රිවරයා. මේ ගැන ජගත් විතාන මන්ත්‍රිවරයා කියන විට පොලිස්තිවරයා විසින් ජගත් විතාන මන්ත්‍රිවරයා අපරාධකරුවකු කර තිබුණා.
ඝාතන රැල්ලට හේතුව රජයේ නොහැකියාව යි
වැලිගම සහ මතුගම සිදුවීම් දෙකේ සමානකම් තිබෙනවා. මේ දෙකේම සභාපතිවරු සමගි ජන බලවේගයේ. එදා මේ සභාපතිකම් ගන්න රජය කොතරම් උත්සාහ කළත් නොහැකි වුණා. මේ ඝාතන කුමන්ත්‍රණ සහ මේ සිදුවීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සැකසහිත යි.
මේ ඝාතන රැල්ලට හේතුව නීතිය හා සාමය ස්ථාපිත කරන්න රජයට ඇති නොහැකියාව යි. එසේම විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සභාපතිවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතවල වගකීම රජය සතු යි. ආරක්ෂාව තහවුරු කරන්න කියා කතානායකවරයාට දැනුම් දුන්නත් තවමත් ප්‍රතිචාර නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හානියක් වුවහොත් එහි වගකීම රජයේ බැවින් බොරුව පසෙකලා නීතිය හා සාමය ඇති කරන්න පියවර ගන්න කියල අපි ඉල්ලා සිටිනවා.
මේ ඝාතකයන් එක්ක කුඩු කල්ලි එක්ක සමගි ජන බලවේගයට සම්බන්ධතා නැහැ. මේ ඝාතන හා කුඩු සංස්කෘතිය දුරාචාරය ප්‍රතික්ෂේප කරන නිසා මේවා නැති කරන්න රජය පියවර ගත යුතු යි.''
වීඩියෝ

