සීනි වංචාවට එරෙහිව හඳුන්නෙත්තිගේ පෙත්සම ජනවාරි 19 කැඳවයි

සීනි වංචාවට එරෙහිව හඳුන්නෙත්තිගේ පෙත්සම ජනවාරි 19 කැඳවයි

2020 දී සීනි ආනයනයේදී සිදු වූ බව කියන සීනි වංචාවට වගකිව යුතු අයගෙන් රුපියල් බිලියන 15.9 ක් අයකර ගැනීමට නියෝගයක් ඉල්ලා විපක්ෂයේ සිටියදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 ජනවාරි 19 වන දින සහය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කරයි.


අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම ඊයේ කැඳවනු ලැබිය.

පෙත්සම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කරුට නියෝග කළේය.

මේ අතර, වගඋත්තරකරුවන්ගේ තනතුරු වෙනස් වීම හේතුවෙන් පෙත්සමේ ශීර්ෂ පාඨය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අධිකරණයට දන්වනු ලැබිය.

 

පෙත්සම්කරු කියා සිටින්නේ, සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය ශත 25ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුවී ඇති බවය. එහෙයින්, වගඋත්තරකරුවන්ගෙන් රුපියල් බිලියන 15.9 ක මුදලක් අයකර ගැනීමට සහ අදාළ මුදල ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නීතිපතිවරයාට නියෝග කරන නියෝගයක් පෙත්සම්කරු ඉල්ලා සිටී.

 


පෙත්සම්කරු විසින් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගම, පිරමිඩ් විල්මාර් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ සජාත් මව්සූන්, ජනාධිපතිගේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න