ඔක්තෝම්බර් උද්ධමනය 2.1% දක්වා වැඩි වේ

ඔක්තෝම්බර් උද්ධමනය 2.1% දක්වා වැඩි වේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඔක්තෝම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 2.1 ක් දක්වා වැඩි වී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට 1.5 ක් විය.

2025 ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.5 ක් දක්වා වැඩි වී ඇති අතර එය සැප්තැම්බර් මාසයේ දී සියයට 2.9 ක් විය.

එසේම 2025 ඔක්තෝම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4 ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7 ක් ලෙස වාර්තා විය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (31) දින මෙම උද්ධමන අනුපාත ප්‍රකාශයට පත් කළේය.

(divaina - ශ්‍යාම් නුවන් ගනේවත්ත)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න