තරුණියන් පිරිසක් ඉදිරියේ සිංහයකු වුණ නාමල්

තරුණියන් පිරිසක් ඉදිරියේ  සිංහයකු වුණ නාමල්

පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.


එහි ආරම්භක දේශනය කළේ සාගර කාරියවසම්.

''ඔයාල වගේ සුන්දර තරුණ ළමයි අපේ පක්ෂෙ එක්ක මේ තරම් ළගින් වැඩකරන එක ගැන ඇත්තටම අපිට ආඩම්බරයි. මම කැමති ඔයාලව හදුනගන්න.''

පිරිස තම තමන්ව හඳුන්වල දුන්නා. දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය, උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂිකාවෙන් ඉන්න අය, පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ සේවය කරන අය වගේ ම දේශපාලනය කරන සහ අලුතින් දේශපාලනයට එන්න කැමත්තෙන් ඉන්න අයත් එතැන හිටියා.

''මම කතාවක් කරන්නෙ නෑ.මම කැමතියි ඔයාලගෙ අදහස් දැනගන්න.''

නාමල් එහෙම කිව්වම ගෑනු ළමයි ටික නාමල්ගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. අහපු හැම විෂයක් ගැන ම නාමල් හොඳට උත්තර දුන්නා.

 
 
''රටේ ආර්ථිකය වේගයෙන් ඉස්සහරට ගෙනියන්න නම් මුලින් ම කරන්න තියෙන්නෙ ආයෝජකයින් සහ ව්‍යවසාකයින් අධෛර්යමත් කරන අනවශ්‍ය රෙගියුලේෂන්ස් වෙනස් කරන එක.''
 


 නාමල් එහෙම කිව්වෙ කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙමින්.

''ඔයාල කවදහරි හිතල තියෙනවද සිංහයා කොහොමද කැලේ නායකය උණේ කියල?''

ඊළග දේශනය පටන් ගනිමින් සංජීව එදිරිමාන්න අර ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

මඳ සිනහවක් පාල පිරිස ම නිහඩ වුණා.

''කැලේ ලොකුම සතා අලිය වෙද්දි, රයිනෝ සිංහයාට වඩා ශක්තිමත් වෙද්දි, කැලේ උසම සතා ජිරාෆ් වෙද්දි, සිංහයා ඒ හැමෝගෙම නායකය උණේ කිසිම අභියෝගයකට සිංහය බය නැති නිසා. කාව දැක්කත් මට එයාව පරාද කරන්න පුලුවන් කියල සිංහය විශ්වාස කරන නිසා.''

සංජීව එදිරිමාන්න ඒ කතාව ඉවර කළේ පාර්මේන්තුවෙ ආසන තුනක් විතරක් තියාගෙන අභියෝග වැලක් මැද්දෙ වැඩකරන නාමල්ගෙ දේශපාලනය සිංහයට සමාන කරමින්.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න