ශ්‍රි ලංකා රජය දේශිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි - විජිතපුරේ විමලරතන හිමි

මහචාර්ය විජිතපුරේ විමලරතන හිමි

ශ්‍රි ලංකා රජය දේශීය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ආහාර සැපයුම ස්ථාවර කිරීමට නවීන ක්‍රම යොදා ගත යුතුව ඇතැයි ජිවන වියදම මැන බැලීමේ ලොව ප්‍රකට Numbeo ජීවන වියදම දර්ශකය (Cost of Living Index) නවතම දත්ත විශ්ලේෂණය කිරීමේදි පෙන්වා දිය හැකි බව ආර්ථික විශේෂඥයෝ පවසති.

Numbeo ජීවන වියදම දර්ශකය (Cost of Living Index) යනු ලොව පුරා විවිධ රටවල දෛනික ජීවිතය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සංසන්දනය කිරීමට භාවිතා කරන සරල නමුත් ප්‍රබල මෙවලමකි. මෙය සාපේක්ෂ දර්ශකයකි. එනම් සියලුම ලකුණු මනිනු ලබන්නේ නිවියෝර්ක් නගරයට (100 ලෙස සකසා ඇත) සාපේක්ෂව යැයි ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියෝ පවසති.

මෙම දර්ශකය මඟින් සිල්ලර බඩු. ආපන ශාලා ආහාර, පොදු ප්‍රවාහන ගාස්තු සහ මාසික උපයෝගිතා බිල්පත් වැනි සම්මතභාණ්ඩ හා සේවා කුඩයක මිල ගණන් මනිනු ලබයි. වැදගත්ම කරුණ වන්නේ, මෙම ප්‍රධාන දර්ශකයෙන් නිවාස හා කුලී වියදම් ඉවත් කර තිබීමයි. ‍

මෙම ව්‍යුහය සංචාරකයෙකුට හෝ පර්යේෂකයෙකුට, එම ස්ථානයේ දෛනික වියදම් නිවියෝර්ක් පාදක අගයට වඩා වැඩි ද අඩු ද යන්න ඉක්මනින් තක්සේරු කිරීමට ඉඩ සලසන අතර, දෛනික වියදම් පිළිබඳ ඇස්තමෙන්තුවක් ලබා දෙයි.

Numbeo දර්ශකය ගෝලීය වශයෙන් දැරිය හැකි බවෙහි අන්ත දෙක පැහැදිලිව නිර්වචනය කරයි. ජීවන වියදම අඩුම ලෙස නිරන්තරයෙන් ශ්‍රේණිගත වන රටවල් අතර පාකිස්තානය, ඉන්දියාව සහ ඊජිප්තුව වැනි රටවල් ප්‍රමුඛ වේ. මේවායේ දේශීය භාණ්ඩ, සිල්ලර බඩු සහ සේවාවන් සඳහා මිල ගණන් ඉතා අඩු අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අවම ශ්‍රම වැටුප්, ලාභදායි දේශීය නිෂ්පාදන, සහ ඇතැම් විට ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා රජයේ සහනාධාර තිබීමයි. අනෙක් අන්තයේ, ලෝකයේ වියදම් අධිකම ස්ථාන වන්නේ ස්විටිසර්ලන්තය සහ බමරියුවා හා කේමන් දූපත් වැනි ධනවත් දූපත් රාජ්‍යයන්ය.

මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම සහිත රටවල් විවිධ හේතූන් මත ඉහළ මිල ගණන් පවත්වා ගනී. කුඩා දූපත් රාජ්‍යයන් අතිවිශාල ආනයන මත යැපීම සහ ඉහළ නැවී ගත කිරීමේ ගාස්තු හේතුවෙන් විශාල වියදම් දරන අතර, ස්විච් සර්ලන්තය සහ ඊශ්‍රායලය වැනි රටවල් ඉහළ මිල ගණන් පවත්වා ගෙන යනු ලබන්නේ නම් පුරවැසියන්ගේ ඉතා ඉහළ දේශීය මිලදී ගැනීමේ හැකියාව සහ උසස් යටිතල පහසුකම් පිරිවැය මගිනි.

සාරාංශයක් ලෙස, Numbeo දර්ශකය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ මිල අඩුම රටවල, අඩු මිල ගණන් යනු අඩු වැටුප් යථාර්ථයක් පිළිබිඹු කරන අතර, වියදම් අධිකම් රටවල, ඉහළ මිල ගණන් යනු උසස් ජීවන තත්ත්වයක් හෝ මග හැරිය නොහැකි සැපයුම් බරක් පිළිබිඹු කරන බවයි.

මෙම දර්ශකය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා ද පණිවිඩයක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ජිවන වියදම දර්ශකය දකුණු ආසියාතික රටවල් අතර ඉහළින්ම තිබීම සංචාරකයින්ට වාසිදායක වන අතර ප්‍රතිපත්ති සම්පාදකයින්ට සැලකිල්ලට ගත යුතු කරුණකි.

ශක්තිමත් විදේශ මුදල් ඇති අන්තර්ජාතික අමුත්තන්, ශ්‍රී ලංකාව "මුදලට වටිනාකමක්' ඇති ගමනාන්තයක් ලෙස දකී. කෙසේ වෙතත්, ආනයනික භාණ්ඩවල අධික දේශීය මිල ගණන් හේතුවෙන් ඇති වන මෙම මිල විෂමතාවය මිල ඉහළ දැමීමක් ලෙස අයවැය සංචාරකයින් අතර වැරදි අවබෝධයක් ඇති කිරීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සඳහා Numbeo දර්ශකයේ ඉහළ ශ්‍රේණිගත කිරීම, ආනයන බදු, අකාර්යක්ෂමතා සහ උද්ධමනය හේතුවෙන් ව්‍යාපාර කිරීමේ පිරිවැය අධික බවට සංඥා කරයි. මෙය අනිවාර්යයෙන්ම නිෂ්පාදන අංශයේ සෘජු විදේශ ආයෝජන (FDI) අධෛර්යමත් කරන අතර, දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ වල අධික මිල නිසා නිපුන විදේශ ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා දේශීය සමාගම් වලට වැඩි වන්දි ගෙවීමට සිදුවීමෙන් ඔවුන්ගේ මෙහෙයුම වියදම ද ඉහළ යයි.

මෙම දත්ත මඟින් දේශීය උද්ධමනය අවම කිරීමට සහ පුරවැසියන් මත පැටවෙන අධික මූල්‍ය බර අඩු කිරීමට ප්‍රතිපත්ති ප්‍රමුඛ්‍යාවය දෙන ලෙස රජයට සහ මහ බැංකුවට බලපෑම් කරයි.

Numbeo දර්ශකයේ ශ්‍රේණිගත කිරීම වැඩි දියුණු කිරීමට සහ පුරවැසියන්ට සහනයක් ලබා දීමට නම්, ශ්‍රී ලංකාට වහාම ආනයන මත යැපීම සහ ඒ ආශ්‍රිත අධික පාරිභෝගික මිල ගණන් ඉලක්ක කළ යුතුය. රජය දේශීය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ආහාර සැපයුම ස්ථාවර කිරීමට නවීන ක්‍රම යොදා ගත යුතුය. තවද, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මත ඇති අධික ආනයන නීරු බදු තාකාරීක කරණය කිරීම මගින් නිෂ්පාදන පිරිවැය අඩු කළ යුතු අතර, එමඟින් දේශීයව නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල මිල අඩු කළ යුතුය.

වෙළෙඳ පොළේ අකාර්යක්ෂවතා නිවැරදි කිරීමට ගැඹුරු ව්‍යුහාත්මක ව්‍යාස්කම් අවශ්‍ය වේ. ඉන්ධන සහ බලශක්ති වැනි අත්‍යවශ්‍ය අංශ වල ඇති ඒකාධිකාරයන් (monopolies) ඉවත් කිරීම සඳහා රජය තරඟකාරී ලංසු තැබීම දිරීමත් කළ යුතුය.

තවද, ජාතික සැපයුම් දාමයේ (ශිතල ගබඩා සහ මාර්ග ජාල වැනි) සැලකිය යුතු ආයෝජන සිදු කිරීම මඟින් නාස්තිය අඩු කර ප්‍රවාහන වියදම් කපා හැරිය හැකිය. මේවාට අමතරව පුනර්ජනනීය බලශක්තිය වෙත වේගයෙන් මාරු වීම, ආනයනික ඉන්ධන මත යැපීම නිසා ඇති වන අධික මෙහෙයුම වියදම් අඩු කරනු ඇත.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න