වත්මන් ආණ්ඩුව කිසියම් බටහිර රටක පවතින ක්‍රමවේදයක් ගෙනවිත් අපේ රට තුළ ස්ථාපිත කරන්නට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී නාගරික මන්ත්‍රිණී සුපිනි සඳමාලි යොමු කළ පැනයකට පිළිතුරු සපයමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ වසර දහසයක හෝ දාහතක, ගැහැනු හෝ පිරිමි ළමයකුට ලිංගිකත්ව නිදහස දිය යුතු ද නැද්ද යන්නට වඩා ඔහුට හෝ ඇයට අධ්‍යාපනය ලබා දිය යුත්තේ කෙසේ ද යන්න අවධානය යොමු කළ යුතු බවයි.
මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ සහ සුපිනි සඳමාලි Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

