දෙනියාය කොටපොල විවිධ සේවා සමුපකාරයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගෙන තිබේ.
දෙනියාය කොටවල විවිධ විවිධ සේවා සමූපකාරය මෙරට විශාලතම සමූපකාර සමිතිය ලෙස හැඳින්වෙයි.
පැවති නිරවරණයෙන් ම ජාතික ජන බලවේග කණ්ඩායම සහය දුන් කණ්ඩායමට ජය ගත හැකි වූයේ ප්‍රාදේශික 33කින් පමණි.
විපක්ෂ කණ්ඩායම් විසින් සහය දුන් කණ්ඩායමට ප්‍රාදේශීක 67ක් ජය ලබාගෙන තිබේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරන කොටපොළ ප්‍රාදේශීය සභාවේ මාළිමා සභාපති චමින්ද ගුණසේකර සහ එහි මන්ත්‍රීවරුන් 06දෙනෙකු ද පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද මෙවර නිලවරණය සඳහා තරග කළ නමුත් ඔවුන් සියලු දෙනාම පරාජය වී ඇත.
ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට ඉදිරියේදී කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනා පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

