විනිසුරුවරු 20ක් සේවයෙන් ඉවතට 7ක් ගෙදර යවයි

විනිසුරුවරු 20ක් සේවයෙන් ඉවතට 7ක් ගෙදර යවයි

මහාධිකරණ විනිසුරුවරයකු, දිසා විනිසුරුවරයකු හා මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු විසි දෙනකු විෂමාචාර සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් සේවයෙන් පහ කර හෝ වැඩ තහනම් කර ඇත.


මේ අතරින් හත් දෙනකුගේ සේවය අවසන් කර ඇති අතර අනෙක් අයගේ සේවය අත්හිටුවා හෝ අනිවාර්ය විශ්‍රාම ගන්වා ඇත.

අධිකරණ සේවයේ නියුතු මෙම පුද්ගලයන්ට එරෙහිව ඉදිරිපත් වූ මහජන පැමිණිලි සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවලින් පසුව රාජකාරි අවසන් කිරීම සිදු කර තිබේ.

පරීක්ෂණ සඳහා කැඳවන ලද ඇතැම් අධිකරණ නිලධාරීන් විමර්ශන කමිටු ඉදිරියේ පෙනී නොසිටි අතර ඇතැමුන් පරීක්ෂණයට මුහුණ නොදී සේවයෙන් ඉවත් වී ඇත.


(divaina- චතුර පමුණුව)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න