සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අදාළ ප්‍රවෘත්තිය තහවුරු කළේ ය.
‘Saliya T’ යූ ටියුබ් චැනලයේ හිමිකරු සාලිය තුෂාර රණවක ට රතු වරෙන්තු නිකුත් කර ඇති බවට ද මින් පෙරද වාර්තා පළවූ අතර, අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු අත්විලංගු සමග සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් වීඩියෝවක් නිකුත් කර තහවුරු කළේ තමන් අත්අඩංගුවේ පසුවීම සත්‍ය බවයි.
ඔහු සිය යූටියුබ් චැනලයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි.
කෙසේවෙතත්, ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, තමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් එරට නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
සංවිධානාත්මක අපරාධකරුවන් හට විදෙස් රටවලට පලා යෑමට සහය දැක්වූ උසස් පොලිස් නිලධාරීන්, යුද හමුදාපතිවරයා හා ඔහුගේ බිරිඳ සිදුකලා යැයි සාලිය තුෂාර පවසන වංචා දූෂණ මෙන්ම කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් වන වීඩියෝ ඔහු ප්‍රසිද්ධ කර තිබිණ.
හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක වීඩියෝ පට හුවමාරු කිරීම සම්බන්ධයෙන්ද සාලිය රණවකට චෝදනා එල්ල කර තිබිණ.
(news19)

